webdevlinux - logo Web Dev Linux

Web Dev Linux වෙත සාදරයෙන් පිළිගනිමු.

Web Dev Linux යනු Linux මෙහෙයුම් පද්ධතියක් හා නිදහස් මෘදුකාංග භාවිතා කරන්නන් සදහා වෙබ් අඩවි නිර්මාණය පිළිබදව ස්වයං අධ්‍යයනය කළ හැකි online පාඩම් මාලා ඉදිරිපත් කරනු ලබන, ලාභ නොලබන ව්‍යාපෘතියකි. වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධනය පිලිබදව ශ්‍රි ලාංකිකයින් සඳහා නොමිලේ පාඨමාලාවන් පවත්වමින් 2014 වර්ෂයේ මැයි 11 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි යන භාෂා වලින් අන්තර්ජාලයට එක්‌ කර ඇත. මෙහි භාවිතාවන සියලුම මෘදුකාංග හා තාක්ෂණයන් Linux මත පදනම් වී ඇත.

අද වනවිට වෙබ් අඩවි නිර්මාණකරන ක්ෂේත්‍රයට විවිද තාක්ෂණයන් සහ code libraries එකතු වී ඇති අතර, බොහොමයක් දෙනා ඒවා භාවිතා කරනු ලබන්නේ නිසි අවබෝධයකින් තොරව බව පෙනේ. වෙබ් අඩවියක ගුණාත්මක භාවයට වඩා තමන්ගේ පහසුව සළකා මේවා භාවිතාකිරීම නිසා, බොහෝමයක් වෙබ් අඩවි SEO සහ Page Speed වැනි අංශ වලින් ඉතාමත් පහළ තත්වයක පවතියි.

W3C ප්‍රමිතීන්ට අනුව නිවැරදිව වෙබ් අඩ්වි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම පිළිබදව ඔබට මග පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණයි. මූලික අදියර වශයෙන්, වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබඳව HTML භාෂාවේ මූලික කොටස් ඇතුලත් ප්‍රායෝගික පාඩම් මාලාවක් මෙහි ඉදිරිපත් කර ඇත.

Learn HTML

ආධුනිකයින් සඳහා HTML සරලව

මෙය Linux සහ විවෘත මෘදුකාංග භාවිතා කරන, HTML භාෂාව ඉගෙන ගැනීමට කැමති, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කරනලද පාඩම් මාලාවකි. මෙය පරිශීලනය කිරීමට HTML පිලිබඳව කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

සෑම කොටසකම ප්‍රායෝගික අභ්‍යාසයක් හා පැහැදිළි කිරීමක් ඇත. පරිච්ජේදයක් අවසානයේ Video එකක් ඇති අතර, Codes ටයිප් කලයුතු පිළිවෙල එයින් බලාගත හැකිය.

Scroll to top

වෙබ් පිටුවක් යට සිට උඩට auto scroll කරන්න button එකක් හදමු

JQuery හෝ වෙනත් code libraries භාවිතා නොකර, වෙබ් පිටුවක් යට සිට උඩට auto scroll කිරීම සදහා button එකක් සාදාගන්නා ආකාරය මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරේ.

මෙහිඳී HTML, CSS සහ Javascript පමණක් භාවිතා කර ඇත. පාඩම අවසානයේ video clip එකක් ඇති අතර පියවරෙන් පියවර code කරන ආකාරය එයින් බලා ගත හැකිය.