webdevlinux - logo Web Dev Linux

ආධුනිකයින් සඳහා HTML සරලව

මෙය Linux සහ විවෘත මෘදුකාංග භාවිතා කරන, HTML භාෂාව ඉගෙන ගැනීමට කැමති, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කරනලද පාඩම් මාලාවකි. මෙය පරිශීලනය කිරීමට HTML පිලිබඳව කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

HTML Tutorial Learn HTML

HTML යනු වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන භාෂාවයි. HTML යන අකුරු වල තේරුම නම් Hyper Text Markup Language. HTML වල අලුත්ම සංස්කරණය වන්නේ (version එක) HTML5.

අවශ්‍ය දේවල්

HTML සදහා, අමතර මෘදුකාංග හෝ code-libraries, install කිරීමට අවශ්‍ය නොවේ. Gedit වැනි සරල text-editor එකක් මගින් වුවද HTML document එකක් සාදාගත හැකිය.

මෙහි ඇති සියලුම code-examples සඳහා Bluefish HTML editor එක භාවිතා කර ඇත. පාඩම් මාලාව ආරම්භ කිරීමට පෙර ඔබත් Bluefish install කරගන්න.

මෙම HTML පාඩම් මාලාව පරිශීලනය කලයුතු ආකාරය

මේ පාඩම් මාලාව සකස් කර ඇත්තේ, HTML පිළිවදව කිසිම අවබෝධයක් නැති අයෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට, ඉතාම සරලවයි.

මෙහි ඇති සියලුම code-examples, copy-paste නොකර ඔබම ටයිප් කරමින් අත්හදා බලන්න. එයින් ඔබගේ ටයිප් කිරීමේ වේගය හා හැකියාව වැඩිදියුණු වෙනවා වගේම HTML codes මතක හිටින්නත් එය හේතුවනු ඇත.

උදාහරණ codes ඇති සෑම කොටසක් අවසානයේම video එකක් ඇති අතර, codes ටයිප් කලයුතු පිළිවෙල එයින් බලාගත හැකිය.

HTML පාඩම් මාලාවේ පටුන

  1. ආරම්භය
  2. ප්‍රමිතීන් හා රීති
  3. ජේද (Paragraphs)
  4. මතෘකා (Headings)
  5. ලැයිස්තු (Lists)
    1. Ordered Lists
    2. Unordered Lists
    3. Description Lists
    4. අනු ලැයිස්තු
  6. වගු (Tables)
    1. Table Headings
    2. Horizontal Merge
    3. Vertical Merge
  7. ආකෘති පත්‍ර (Forms)
    1. Typed Input Types
    2. Radio Buttons
    3. Checkboxes
    4. Textarea
    5. Select Options
    6. Fieldset & Legend
  8. HTML Progress Bar
  9. පින්තූර (Images)
  10. HTML Links