webdevlinux - logo Web Dev Linux

Radio buttons

යම් කිසි තෝරාගැනීම් කිහිපයකින් එකක් පමණක් තෝරාගැනීමට radio buttons භාවිතා වේ.

HTML radio buttons Radio buttons

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : radio-buttons.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Radio buttons</title>
</head>
<body>
<form>
Select your gender : 
<label>Male <input type="radio" name="gender"></label>
<label>Female <input type="radio" name="gender"></label>
<br>
Your religion :
<label>Buddhism <input type="radio" name="religion" checked></label>
<label>Christianity <input type="radio" name="religion"></label>
<label>Hindu <input type="radio" name="religion"></label>
<label>Islam <input type="radio" name="religion"></label>
</form>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements හා attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<label>
යම් ආකෘති පත්‍ර අංගයක නම හෝ මාතෘකාව නිරූපණය කිරීමට යොදාගැනේ.
<input type="radio">
ආකෘති පත්‍රයක් තුල radio button එකක් නිරූපණය කිරීමට යොදාගැනේ.
name="gender" | name="religion"
Radio buttons කණ්ඩායම් කිරීමට name attribute එක යොදාගැනේ. උදා: name="gender” attribute එක ඇති elements එක් කණ්ඩායමකි. name=”religion” attribute එක ඇති elements තවත් කණ්ඩායමකි.
checked
Radio buttons ඇති කණ්ඩායමක, සාමාන්‍ය අගය නිරූපණය කිරීමට යොදාගැනේ. එක් කණ්ඩායමක් තුල මෙම attribute එක යෙදිය හැක්කේ එක් වරක් පමණි.