webdevlinux - logo Web Dev Linux

Textarea

ආකෘති පත්‍රයක් තුල පේලි කිහිපයක් ටයිප් කල හැකි ආකෘති පත්‍ර අංගයක් ලබාගැනීමට මෙය යොදාගැනේ.

HTML textarea textarea

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : textarea.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Textarea</title>
</head>
<body>
<form>
	<table>
		<tr>
			<th>Your Address</th>
			<td><textarea></textarea></td>		
		</tr>
		<tr>
			<th>Describe Yourself</th>
			<td><textarea cols="40" rows="10"></textarea></td>		
		</tr>
	</table>
</form>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements හා attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<textarea></textarea>
පේලි කිහිපයකින් යුත් අකුරු ටයිප් කල හැකි ආකෘති පත්‍ර අංගයක් නිරූපණය කිරීමට යොදාගැනේ.
cols="40"
එක් පේලියකට තිබියහැකි උපරිම අකුරු ගණන දැක්වීමට යොදාගැනේ. මෙම attribute එක යොදා නොමැති විට එක් පේලියකට තිබියහැකි සාමාන්‍ය අගය 20කි.
rows="10"
පරිශීලකයාට පෙන්විය යුතු උපරිම පේලි ගණන නිරූපණය කිරීමට යොදාගැනේ. මෙම attribute එක යොදා නොමැතිවිට පෙන්වන උපරිම පේලි ගණන 2කි.