webdevlinux - logo Web Dev Linux

HTML Links

එක් HTML ගොනුවක සිට තවත් HTML ගොනුවක් වෙත යාමට HTML Links භාවිතා වේ. HTML Links භාවිතා කල හැකි ආකාර කිහිපයක් සලකා බලමු.

HTML Links Links

පහත උදාහරණය අත්හදා බලන්න.

FILE : links.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>HTML Links</title>
</head>
<body>
<nav>
	<ul>
		<li><a href="start.html">Quick Start HTML</a></li>
		<li><a href="paragraphs.html" target="_blank">Paragraphs</a></li>
		<li><a href="http://www.webdevlinux.com">Go WDL</a></li>
	</ul>
</nav>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ සඳහන් elements හා attributes ගැන පැහැදිලි කිරීම පහත දක්වා ඇත.

<nav></nav>
HTML Links කාණ්ඩ කිරීමට මෙය යොදාගනී.
<a></a>
මෙමගින් HTML Link එකක් නිරූපණය කෙරේ.
href="start.html"
මෙමගින් Link එකෙහි අදාල ගොනුවට ඇති සම්බන්දය (address එක) දැක්වේ.
target="_blank"
target attribute එක මගින් Link එකට අදාල ගොනුව විවෘත විය යුතු ස්ථානය දැක්වේ. target="_blank" ලෙස ඇතිවිට, අදාල ගොනුව වෙබ් බ්‍රවුසර් එකෙහි අලුත් Tab එකක විවෘත වේ.