webdevlinux - logo Web Dev Linux

ලැයිස්තු (Lists)

HTML වල භාවිතා කල හැකි ලැයිස්තු වර්ග 3ක් ඇත. ඒවා unordered list, ordered list සහ description list ලෙස හඳුන්වයි.

HTML Lists types HTML Lists

පහළ උදාහරණයෙන් මේ ලැයිස්තු ආකාර 3 පිළිබදව සරළ අවබෝධයක් ලබාගත හැකිය.

FILE : lists.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>HTML Lists</title>
</head>
<body>
<ul>
	<li>Fedora</li>
	<li>Ubuntu</li>
	<li>Mint</li>
</ul>
<ol>
	<li>January</li>
	<li>February</li>
	<li>March</li>
</ol>
<dl>
	<dt>HTML</dt>
	<dd>HTML is a markup language which is used to make web pages</dd>
	<dt>CSS</dt>
	<dd>CSS is used to add styles on web pages</dd>
</dl>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ ඇති elements පිළිබදව පැහැදිලිකිරීම පහලින් දක්වා ඇත.

<ul></ul>
අනුක්‍රමයක් රහිත ලැයිස්තුවක් නිරූපණය කිරීමට යොදාගනී.
<ol></ol>
අනුක්‍රමයක් සහිත ලැයිස්තුවක් නිරූපණය කිරීමට යොදාගනී.
<li></li>
අනුක්‍රමයක් සහිත හෝ රහිත ලැයිස්තුවක එක් අංගයක් නිරූපණය කිරීමට යොදාගනී.
<dl></dl>
විස්තර ලැයිස්තුවක් නිරූපණය කිරීමට යොදාගනී.
<dt></dt>
විස්තර ලැයිස්තුවක ඇති අංගයක විස්තරයේ මාතෘකාව නිරූපණය කිරීමට යොදාගනී.
<dd></dd>
විස්තර ලැයිස්තුවක ඇති අංගයක විස්තරය නිරූපණය කිරීමට යොදාගනී.

ඊලගට අපි මෙම ලැයිස්තු ආකාර 3 ගැන වෙන වෙනම වැඩිදුර අධ්‍යයනය කරමු.