webdevlinux - logo Web Dev Linux

අනුක්‍රමික ලැයිස්තු (Ordered Lists)

අනුක්‍රමයක් ඇති ලැයිස්තුවල යොමුව ලෙස ඉලක්කම් යොමුව ලෙස ඉලක්කම් හෝ ඉංග්‍රීසි අකුරු යොදාගත හැක. ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳව මෙම පරිච්ජේදයේදී අධ්‍යයනය කරමු.

HTML Ordered lists Ordered List type A

පහළ උදාහරණය අත්හදා බලන්න.

FILE : ordered-lists.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>HTML Ordered Lists</title>
</head>
<body>
<ol type="A">
	<li>First</li>
	<li>Second</li>
	<li>Third</li>
</ol>
<ol reversed type="i">
	<li>Three</li>
	<li>Two</li>
	<li>One</li>
</ol>
<ol start="6">
	<li>Six</li>
	<li>Seven</li>
	<li>Eight</li>
	<li value="2">Two</li>
	<li>Three</li>
</ol>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ ඇති attributes පිළිබදව පැහැදිලිකිරීම පහලින් දක්වා ඇත.

type
අනුක්‍රමික ලැයිස්තුවල එක් එක්ව වර්ගයේ යොමු භාවිතා කිරීමට type attribute එක යොදාගනී.
type="A"
A, B, C ආකාරයේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් යුත් යොමුවක් ලබාගැනීමට භාවිතා කෙරේ.
type="a"
a, b, c ආකාරයේ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින් යුත් යොමුවක් ලබාගැනීමට භාවිතා කෙරේ.
type="1"
1, 2, 3 ආකාරයේ ඉලක්කම් යොමුවක් ලබාගැනීමට මෙය භාවිතා කෙරේ. type attribute එක යොදා නොගන්නා අවස්ථාවලදී අනුක්‍රමික ලැයිස්තු වල සාමාන්‍යයෙන් පවතින යොමු වර්ගය මෙයයි.
type="I"
I, II, III ආකාරයේ කැපිටල් රෝම ඉලක්කම් වලින් යුත් යොමුවක් ලබාගැනීමට භාවිතා කෙරේ.
type="i"
i, ii, iii ආකාරයේ සිම්පල් රෝම ඉලක්කම් වලින් යුත් යොමුවක් ලබාගැනීමට භාවිතා කෙරේ.
start="50"
ඉලක්කම් යොමු ඇති ලයිස්තුවල ආරම්භක අගය පිහිටුවීමට භාවිතා වේ.
reverse
ලැයිස්තුවක යොමු පිළිවෙල අවරෝහණ ආකාරයේන් ලබාගැනීමට භාවිතා වේ.
value="2"
ඉලක්කම් යොමු ඇති ලැයිස්තුවක අංගයක ඉලක්කම ප්‍රතිස්තාපනය කිරීමට භාවිතා වේ. මෙය භාවිතා කල හැක්කේ li element එකක පමණි.