webdevlinux - logo Web Dev Linux

ජේද (Paragraphs)

මෙම පරිච්ජේදයෙන් HTML වලදී ජේද භාවිතා කරන ආකාරය පිළිබදව ඉගෙන ගනිමු.

HTML Paragraphs HTML phrasing contents

පළමුව පහත දැක්වෙන code example එක අත්හදා බලන්න. ඉන් පසු එක් එක් elements ගැන දැනුවත් වෙන්න පහල තියෙන පැහැදිලි කිරීම් බලන්න.

FILE :paragraphs.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>Paragraphs</title>
</head>
<body>
<p>This is a paragraph</p>
<p>Welcome to the <strong>GNU</strong> web design tutorial</p>
<p>Yeah <em>Linux</em> is the <mark>best</mark></p>
<p>Stallman said <q>Facebook is not your friend</q></p>
<p>OMG Linux<br>OMG Android</p>
<hr>
<p>H<sub>2</sub>SO<sub>4</sub></p>
<p>2<sup>nd</sup> class</p>
</body>
</html>

පැහැදිලිකිරීම

ඉහත උදාහරණයේ ඇති elements පිළිබදව පැහැදිලිකිරීම පහලින් දක්වා ඇත.

<html></html>
HTML ගොනුවක මූලිකම element එක මෙයයි. මෙය තුල body , head යන elements භාවිතා කළ හැක.
<head></head>
head element එකක් තුල title element එක සහ meta-data ඇතුලත් විය හැක. (meta-data යනු මොනවාදැයි පසුව ඉගෙනගමු). head එක තුල ඇති contents, web-browser window එකෙහි දර්ශනය නොවේ.
<title></title>
HTML ගොනුවක title එක නිරූපණය කිරීමට මෙය භාවිතා කරයි. මෙහි contents එක ලෙස වෙනත් element භාවිතා කල නොහැක. මෙහි යොදන text contents, Web browser එකෙහි Title bar එකෙහි දර්ශනය වේ.
<body></body>
මෙය තුල ඇති contents, web-browser එකෙහි දර්ශනය නොවේ.
<p></p>
ජේදයක් නිරූපණය කිරීමට මෙය යොදාගනී.
<strong></strong>
විශේෂ / වැදගත් වාක්‍ය කොටසක් හෝ වචනයක් නිරූපණය කිරීමට මෙය යොදාගනී.
<mark></mark>
යම් වාක්‍ය කොටසක් ඉස්මතු කර පෙන්වීමට මෙය යොදාගනී.
<em></em>
අවධාරණයෙන් කිවයුතු යමක් නිරූපණය කිරීමට මෙය යොදාගනී.
<q></q>
කෙනෙක් විසින් කියන ලද දෙයක් හෝ උපුටාගත් දෙයක් නිරූපණය කිරීමට යොදාගනී.
<br>
ජේදයක් තුල වාක්‍යයක් අලුත් පේලියකින් පටන් ගැනීමට මෙය යොදා ගනී. මෙය void element එකකි.
<hr>
මෙයත් void element එකක් වන අතර තේමාවකදී අවසානයක් නිරූපණය කිරීමට යොදාගනී.
<sub></sub>
යටකුර වචන නිරූපණය කරීමට යොදාගනී.
<sup></sup>
උඩකුර වචන නිරූපණය කරීමට යොදාගනී.