webdevlinux - logo Web Dev Linux

ආරම්භය (Start HTML)

විස්තර වශයෙන් HTML ඉගෙනගැනීමට පෙර HTML codes කිහිපයක් අත්හදා බලමු. එයින් ඔබට HTML පිළිබදව සරල අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇත.

Quick Start HTML Start HTML

Blufish open කර, HTML5 template එකක් ලබාගෙන, start.html ලෙස save කරගන්න. ඉන්පසු එය Firefox මගින් open කරන්න.

දැන් පහත codes ටයිප් කරමින්, Firefox හි ප්‍රතිදානය බලන්න. (මෙය සිදුකරන ආකාරය පියවරෙන් පියවර බලා ගැනීමට, පහතින් ඇති video එක බලන්න)

FILE : start.html
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8" />
<title>HTML with WDL</title>
</head>
<body>
<h1>My 1<sup>st</sup> <mark>HTML</mark> Document</h1>
<hr>
<p>My Name is <input></p>
<p>My favorite color is <input type="color"></p>
I am
<select>
	<option>Male</option>
	<option>Female</option>
</select>
<p>Loading... <progress></progress></p>
<a href="http://www.webdevlinux.com">Visit WDL</a>
<!-- Coded by WDL on 20161220 -->
</body>
</html>

සටහන

HTML code වලට කැපිටල් - සිම්පල් අකුරු භේදයක් නොමැත. Codes ටයිප් කිරීමේදී සිම්පල් අකුරු, කැපිටල් අකුරු හෝ මේ දෙකම භාවිතා කිරීමට හැකිය.

Example :
<HTML> = <html> = <Html>

නමුත් පුරුද්දක් ලෙස සිම්පල් අකුරු විතරක් භාවිතා කරන්න. කැපිටල් අකුරු වලට වඩා සිම්පල් අකුරු ලියන්නත් කියවන්නත් පහසුවේ.

මේ පාඩම් මාලව අවසන් වනවිට ඉහළ උදාහරණයේ තිබුන සියලුම codes පිළිබඳව ඔබ දැනුවත් වේවි. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු.